Spread the love

නිමල් රාජපක්ෂ-

රටතුළ ඇති වූ ආර්ථික අර්බුධය හේතුවෙන් භාණ්ඩ 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයකට ආනයන සීමා පැනවුවත් ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් මේ වන විට එම සීමාවන් වාහන ආනයනය සඳහා පමණක් බලපැවැත්වුවද , ක්‍රමානුකූලව එම සීමාවන් ඉවත් කිරීම සඳහා ඉහළ සොයා බැලීමක් සිදුකිරීමට පත්කළ කමිටුව මේ වන ක්‍රියාත්මක වෙමින් පවතින බව , මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ යන තත්ත්ව අනුව ඩොලර් සංචිත ක්‍රමයෙන් වැඩිවීම සහ ඒ අනුව රුපියලේ අගය ඉහළ යාමද සලකා වාහන ආනයනය සම්බන්ධයෙන් අනාගතයේදී බලාපොරොත්තු තැබිය හැකි බවත්, ඒ අනුව මෙම කමිටුව මගින් රටට වඩාත් අවශ්‍ය වාහන සහ නැතිවම බැරි වාහන මොනවාද , යන්න පිලිබඳ අනුපිලිවෙලක් සකසා ඒ අනුව මෙම කටයුතු ඉදිරියේදී සිදුවෙනු ඇති බවයි.
එසේම ගෙන්වන්නේ කුමන වාහනද , පාවිච්චි කළ වාහන ගෙන්වන්නේ නම් කුමන කාලයක් පාවිච්චි කළ වාහන ගෙන්වන්නේද රටේ මහාමාර්ග පද්ධතියට වාහන කොතරම් ඔරොත්කු දෙන්නේද යන ආදී වශයෙන් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුකර අනාගත තීන්දු ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.
ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී සිදුවන්නේ රටේ ආර්ථිකයට ගැලපෙන ආකාරයට ණය වාරික සකසාගෙන ඒ අනුව ණය ආපසු ගෙවීම සිදුකිරීම බවත් , ඒ අනුව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම හේතුවෙන් සංචිත අඩුවීමක් සිදු නොවන බවත් පැවසුවේය.
සහල් ආනයනය කිරීම ඇතුළු අවශ්‍ය නොවන කිසිදු භාණ්ඩයක් ආනයනය කිරීමට රජය කිසිවිටෙකත් අවසර දී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් ආනයනය කිරීමට අවසර දී ඇති බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය ඒවා බවටද අවධාරණය කර සිටියේය.