Spread the love

උමාලි තිලකරත්න කියන්නෙ වැඩිපුර සමාජ මාධ්‍ය තුළ දකින්න නොලැබුණා වුණත් ඉදහිට රූප පෙට්ටියේ නිර්මාණවලින් ඔබට සමීප වෙන චරිතයක්. ඒ වගේම රිදී තිරයේ නිර්මාණ ගණනකත් ඇය විශිෂ්ට රංගන හැකියාවන් පෙන්නුම් කළා. උමාලි ගැන මුහුණු පොතේ හුවමාරු වන සටහනකින් කොටසක් තමයි මේ..

අපි කවුරුත් මිනිස්සු … හැමෝම මේ අයගේ ජීවිතය ගැන කතාවෙන්නේ එයාලා ප්‍රසිද්ධ චරිත නිසා… නැත්නම් මේ වගේ දේවල් සමාජයේ ඕන තරම් වෙනවා.. අපි නිතරම පුරුදු වෙමු හැම දෙයකම හොද පැත්ත දකින්න … ඔයාලට මට කියන්න ඕන උනේ අපි ඕනම තැනකට අනුගත වෙන්න ඕන කියන්නයි…

අපි කවුරුත් එක්ක ආවත්, යන්න ඕන ජීවත් වෙන්න ඕන තනියම කියන එකයි… උමාලි ඒක ලස්සනට කියලා දෙනව … තමන් එක්ක ඇගිලි පටලවාගෙන ඔහේ ඇවිදගෙන ගියපු.. නිදි මරාගෙන පැය ගානක් කෝල් කරපු… ලස්සනට මනාලියක් වෙලා හනිමූන් ගියපු… එක වහලක් යට පුංචි පැටියෙකුට හීන මවපු ඒ තමන් ආදරය කරපු ස්වාමියා තමන් ඉදිරියේ දැන් පිට මිනිහෙක් වෙලා…

ඉතින් … අපි ඇත්ත තේරුම් ගනිමු… කවදමහරි අපිටත් තනියම හැමදේකටම මුහුණ දෙන්න වෙනවා.. ඔයා ලග හිටපු කවුරුත් නැතිව … ඉතින් dependants වෙන්න එපා… යන්න ඉදිරියට උමාලි වගේ…