Spread the love


නිමල් රාජපක්ෂ-

ඉතාලියේ සිට මෙරටට ගෙන්වු රුපියල් මිලියන 42 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත .

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට ලද තොරතුරුකට අනුව රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් තිබු අතර මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට අද ලක්කෙරිණ.


ඉතා සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සගවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ඇසුරුම් ඉතා සූක්ෂ්ම ලෙස සීල් තබා ආනයනය කිරීම සිදු කර ඇති බවයි.

අදාළ වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ට අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේ ය.


මෙම පාර්සල්වල හිමිකරුවන් අනාවරණය කර ගැනීමට අපහසු වී ඇත්තේ ඒවා දොරින් දොර බෙදා හැරීමේ පාර්සල් (Door to Door delivery) ලෙස ආනයනය කර ඇති බැවින් වන අතර මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.