Spread the love

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබේ.

එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව 35% ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.