Spread the love

ලෝක බැංකුවේ තිරසර සංවර්ධනය සඳහා වන දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඩිනා උමාලි ඩිනින්ගර් (DINA UMALI DIDIENINGER ) මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් සහ වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.

වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේ අරමුණ වී තිබුණේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම ය.

මෙහිදී ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දුන්නේ, ව්‍යාපෘතියට අදාල අරමුණු වෙත කඩිනමින් ළඟාවීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් වෙත ප්‍රවේශ වන ලෙසයි. ආර්ථික වශයෙන් වඩා ඵලදායි කොටස් හඳුනා ගෙන ඊට ප්‍රමුඛතාවය දෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 51 ක දක්වා වූ ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කර අවසන් කිරීමට මෙහිදී දෙපාර්ශවයම එකඟතාවට පැමිණියේ ය.

එමෙන්ම, ලෝක බැංකුව හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති මෙම සාකච්ඡාවේදී අදාල වැඩසටහන නියමිත ඉලක්ක ගත දින වකවානු තුළ ක්‍රියාත්මක කර අවසන් කිරීමට තීරණය කෙරිණි.

මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය දේශගුණික විපර්යාස සහ ආපදා අවදානම් කළමනාකරණ ඒකකයේ පුහුණු කළමනාකරු, අභාස් ජා මහතා (ABHAS JHA) ඇතුළු ලෝක බැංකු නියෝජිතයින්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ බන්දුල සිරිමල් මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වී සිටියා.