Spread the love

රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ තොගයක්ය සමගින් අමෙරිකානු ජාතිකයෙකු අද ගුවන්තොටුපොළෙදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්අ ත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුෂ් කිලෝග්‍රෑම් 23ක් සොයාගෙන තිබේ. 

ඔහු එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට මෙරටට රැගෙනවිත් ඇති බව අනාවරණය වෙයි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23 ලෙස සකස් කර, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23ක ප්‍රමාණය සඟවා ගෙන තිබුණි.