Spread the love

අදායම් අධිකාරියන් බවට පත්කිරීමට රජය ගෙන ඇති සැලසුමට විරුද්ධව සුරාබදු දෙපාර්තුමේන්තුව , දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව හෙට සහඅනිද්දා(4-5) පැවැත්විමට තිබු සංඛේත වැඩ වර්ජනය මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා ලබාදුන් ලිඛිත පොරොන්දුව මත සුරාබදු දෙපාර්තුමේන්තුව හ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව තාවකාලිකව අත්හිටවු බව ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.


මුදල් ඇමතිවරයා සමග ඊයේ පැවැති සාකච්ජාවක ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් එකග වු බවත් ඊට සමගාමීව අලුත් වෙනසකට අනුව ක්‍රියාත්මක කරන වැඩි පිළිවෙලත් සමගින් ලබාදුන් ලිඛිත පොරෝන්දුව මත පැවැත්වීමට අනුව සංඛේත වැඩවර්නය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවද ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේය.