Spread the love

ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගය භාවිත කිරීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් යළිත් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවය.

අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.