Spread the love

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වෙමින් සදහන් කළේය.