Spread the love

ගාල්ල අක්මීමන පොලිස්  බලප්‍රදේශයේ හියාරේ නැගෙනහිර මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (17) ආහාර විෂවීමක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස රෝහල්ගත කර ඇත්තේ, 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකි.

ගෘහවිද්‍යා විෂයට අදාළව සකස් කළ ආහාරයක් එලෙස විෂ වී ඇති අතර, සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ