Spread the love

තමන් ලබාදුන් දින අතුරින් ආර්ථික කමිටු විවාදය සඳහා ද දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය වෙත නැවතත් ලිපියක් යොමු කර තිබෙනවා.

ඔවුන් අවධාරණය කරන්නේ විවාද දෙක අතුරින් පළමුව ආර්ථික කමිටු විවාදය පැවැත්වීමත්, දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබද තම පක්ෂයේ ස්ථාවරය එලෙසම පවතින බවයි .

ආර්ථික කමිටු විවාදයකට අවශ්‍ය පදනම තම පක්ෂය විසින් සකසා තිබියදී ජාතික ජන බලවේගය විසින් එය මඟ හැරීමට දරන උත්සාහය තේරුම් ගැනීමට අපහසු බව ද එම ලිපියේ සඳහන්.

එබැවින් විවාද දෙකම නොපැවැත්වීමට පසුබිමක් නිර්මාණය නොකර නොපමාව ආර්ථික කමිටු විවාදය සඳහා ද දිනයක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා.

අදාළ ලිපිය පහතින්.