Spread the love

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික කඩා වැටීමට රාජපක්ෂලා පමණක් අපරාධකරුවන් නොවන්නේ යි එක්සත් ජාතික පක්ෂය සහකාර නායක හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙරට ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට කිසිවෙකු විරුද්ද නොවිය යුතු බවත් හෙතෙම පැවසීය.

ආර්ථික අර්බුදයට වගකිව යුතු තවත් අය සිටින බැවින් ලබා දුන් තීන්දුව මත පදනම්ව අර්ථකථන ඉදිරිපත් නොකළ යුතු බවත් අර්බුදයට වගකිව යුතු වෙනත් ආණ්ඩුවල අය සිටි බවත් ඒ නිසා මෙම නඩු තීන්දුව පදනම් කරගෙන අර්ථකථන දීම සුදුසු නැති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.