Spread the love


රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර ඉදිරිපත් කළ අයවැය හරහා ආර්ථිකයේ බොහෝ අංශවල වර්ධනයක් ලබා ගත හැකි බවයි 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.