Spread the love

DA සහ DP ක්‍රම යටතේ භාණ්ඩ ආනයන දී මෙතෙක් අනුගමනය කළ බැංකුව මගින් තහවුරු කිරීමේ ලිපියක් ලබා ගැනීම ඉදිරියේ දී අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය ආනයනකරුන්ට සිය කටයුතු සඳහා වඩාත් පහසුවක් වන බවයි. මීට පෙර අදාළ ආනයනකරුගේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් තිබුණ ද අදාළ බැංකුව මගින් එය තහවුරු කිරීමේ ලිපියක් ලබා ගැනීම අනිවාර්ය කර තිබිණි.
එම අවශ්‍යතාව ඉවත් කිරීමේ ගැසට් නිවේදනය පෙබරවාරි මස 28 දින නිකුත් කර තිබේ. ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රසාරණය වීමේ දී ඊට අදාළ සහන ලබා දීම රජයේ අපේක්ෂාවත් බවත් ඉදිරියේ දී ද එවැනි පහසුකම් තව දුරටත් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.