Spread the love


නිමල් රාජපක්ෂ-

ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව කාන්තා ව්‍යාවසායකයින් 38 දෙනෙකු ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන සහ ත්‍යාග මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මීට අමරතරව ප්‍රතිලාභීන් 142 ක් සදහා කුකුල් පැටවුන් 1420 ක් ලබාදීම ද ඊයේ මධ්‍ය පළාත් සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදීඊයේ (13)සිදුවිය..

පළාත් කර්මාන්ත අමාත්‍යාංශ විසින් සංවිධානය කර තිබු මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, කාන්තාවන් දේශීය ආර්ථිකය සදහා ලබාදෙන්නා වු සහාය ඉතා සුවිශේෂි එකක් වන බවය. කාන්තාව සදහා තවමත් සමාජය තුල නිසි තැන හිමි ව ඇත් ද යන්න ගැටලුවක් බවත්, දිනකට සීමා ‍නොකර කාන්තාවන් ලෝකය වෙනුවෙන් සිදුකරන්නා වු මෙහෙය සම්බන්ධයෙන් අවබෝධයකින් කාන්තාවට නිසි ගරුත්වය ලබාදීමට කටයුතු කිරීම සිදුකළ යුතුව පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම වැඩසටහන සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් සී.කේ. ඉලංගකෝන්, කොමර්ෂල් ‍බැංකුවේ ජ්‍යෙෂ්ඨ කලාප කළමනාකරු සනිත් ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.