Spread the love

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පෞද්ගලික ආරවුලක් මතඇතිවු ගැටුමකදි තියුණු ආයුධයකින් පහරදී ඊයේ (12) උදෑසන කාලයේදී ඝාතනය කර ඇතයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කම්මල්යාය, කොටියාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටියාගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.