Spread the love

පසුගිය වසරේ අප්‍රේල් 01 සිට මේ වසරේ මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ආදායම් වාර්තා ලබාදීම අදින් (30) අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ආදායම් වාර්තා ලබා නොදෙන පුද්ගලයන්ගෙන් රුපියල් 50000ක දඩයක් අයකරන බව සදහන් කරයි.

එසේම ගෙවිය යුතු බදු මුදලින් 05% දඩයක් පැනවෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට සියලු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙනුවෙන් ලිපිගොනු විවෘත්ත කර ඇතිබව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.