Spread the love

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය හමුවේ පරාජයට පත්වූ ප්‍රබල අජන්ටිනා කණ්ඩායම ඊයේ (26) මෙක්සිකෝව සමග පැවති තරගය ජය ගැනීමට සමත්විය.

ඒ, ගෝල දෙකට බින්දුවක් ලෙසය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ තවත් තරග 03ක් පැවති අතර සෞදි අරාබිය සමග පැවති තරගය දෙකට බිංදුවක් ලෙස පෝලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේය.

ටියුනීසියාව සමග පැවති තරගය එකට බිංදුවක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගත් අතර ඩෙන්මාර්කය සමග පැවති තරගය දෙකට එකක් ලෙස ජය හිමිකර ගැනීමට ප්‍රංශය සමත් විය.