Spread the love

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇතැයි ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පවසයි..

එම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ නිර්දේශ ඇතුළත් වාර්තා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව එහි ඇතුළත් නිර්දේශ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.