Spread the love

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මාසයේ වාරික අද (23) සිට ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ප්‍රතිලාභී පවුල් දහතුන් ලක්ෂ හැත්තෑ හත්දහස් පමණ වන මුදල් මේවන විට බැංකු ගතකර තිබේ.

ඒ අනුව රුපියල්  මිලියන 8571 බැංකු වෙත මුදා ඇර තිබේ. එම මුදලින් ඔක්තෝබර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල වාරික වසර අවසන් වීමට පෙර ගෙවා අවසන් කිරීමට නියමිතයි.

නව අයදුම්පත්‍ර කැදවීම ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි.

වැඩිහිටි,වකුගඩු සහ ආබාධිත පුද්ගලයන්ගේ හිග මුදල් මේවනවිට ගෙවා අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.