Spread the love

නාගොඩ -සුමන

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැමිණිලි රැසක්වි ලැබී ඇති බැවින් ඒ පිලිබදව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කල බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මේ අතර තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. 
ඒ අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640000 ක් සලකා බැලීමෙන් අනතුරුවයි. 
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවන බව  වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5209ක් නුසුදුස්සන් බවට පත්වී තිබේ.
මීළඟ වාරික මුදල ලබා දීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල්වලට ජූලි සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදා හැරීමට නියමිතයි.

ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ලැබී තිබූ අතර හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.