Spread the love

අස්වැසුම සුබසාධන දීමනාව පවුල් ලක්ෂ 20කට ලබාදීමට තීරණය කර තිබුණත්, එය ලක්ෂ 24 ක් දක්වා වර්ධනය කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව තවත් ලක්ෂ 4 කට අස්වැසුම සුබසාධන දීමනා ලබා දීම සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

පවුල් තෝරා ගැනීමේ දී විවිධ අපහසුතා නිසා අයදුම්පත් යොමු කිරීමට න‍ොහැකි වූ අය සිටින බවද, ඒ අය සඳහා මෙ​සේ 10 වැනිදා යළි අයදුම්පත් කැඳවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කරයි