Spread the love

වයස අවුරුදු දහයත් දහහතරක් අතර පසුවන දරුවන් පරිගණක අපරාධවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මීට වසර කිහිපයකට ඉහතදී පරිගණක අපරාධවලට වයස අවුරුදු 16, 17, 18 යන වයස්වල පසුවන දරු දැරියන් ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබුණද මේ වනවිට එම වයස් මට්ටම වයස අවුරුදු දහය පමණ දක්වා අඩු වී ඇතැයි පරිගණක අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මේ අතර මෙවැනි අපරාධ දිනයක් දෙකක්,තුනක් අතර විශාල ප්‍රමාණයක් සිදු වන බව හෙළි වී තිබේ.