Spread the love

ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට සති දෙකකට පෙර ලංකාවට ගෙන එන ලද පෙට්ටල් ලීටරයක් රුපියල් 195ක් හා ඩීසල් ලීටරයක් රුපියල් 200ක් වන බවයි.

නමුත් මේ වන විට පෙට්‍රල් ලීටරයකට බදු රුපියල් 117ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 83ක් වශයෙන් අය කරන බවද ඔහු පැවසීය.

ඉන්ධන බදු අඩු කරන බවට වේදිකාවේ කෑගැසුවද යථාර්ථය එය නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.