Spread the love

දැනට තිබෙන ලෝක උරුම 8 ට අමතරව් තවත් ස්ථාන හා පරිශ්‍ර 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කල බව සාස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

යුනිස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසුවේය.

පුරාණ වෙළද මධ්‍යස්ථාන ,ආගමික ස්ථාන ,වාරි පද්ධතිය ,බිතු සිතුවම් ,ගෘහ නිර්මාණ කලාව ඇතුළු අංශ කිහිපයක් එලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.