Spread the love

කුමන බලවේග පැමිණියද අලුත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව එක්වන ලෙස සියළු දෙනාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි

හෙට දිනයේත් රටේ ප්‍රබලම බලවේගය බවට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ඊළඟ මැතිවරණයේ බලවත්ම කඳවුර වන්නේද පොදුජන පෙරමුණ බවයි ඔහු සඳහන් කළේ.

ජනතාව ආර්ථික පීඩනයක සිටින බවත්, විදුලි සහ ජල ගාස්තු වැඩි බවත්, භාණ්ඩ මිල අඩු කිරීමට හැකිතාක් උත්සාහ කළ යුතු බවත්, ඒ අතරතුර රටට ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය