Spread the love

ඉදිරි මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සහතික යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණය පමණක් නොව වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් ජනාධිපතිවරයා වන්නේද පේ‍්‍රමදාස මහතා බවත් ඔහු පැවසීය.

මෙවර සජිත් ප්‍රේමදාස මහතා දෙවන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ තිහකින් අවම වශයෙන් ඡුන්ද ලබා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටියි.

මේ වන විට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා වලින්ද එම සංඛ්‍යා ලේඛන තහවුරු වී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.