Spread the love

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයට නීතිය ක්‍රියාත්මක නොකිරිටම රුපියල් 10,000ක මුදල් අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත..

නාරම්මල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර නීති විරෝධී මත්පැන් ‍තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට අල්ලස් ඉල්ලා තිබේ

අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිවසේ හිමිකරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (16) සවස නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පොලිස් නිලධාරින් දෙදෙනාව අත්අඩංගුවට ගෙනඇති බවයි වාර්තා වෙන්නේ