Spread the love

මුලතිව් වව්නිකුලම් වැවේ දියනාමින් සිටි එකම පවුලේ සොහොයුරන් ‍දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි මල්ලාවි පොලීසිය පවසයි.

මියගිය සොහොයුරන් දෙදෙනා යාපනයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා ඊයේ දින මල්ලාවි ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකුගේ අවසන් කටයුත්තක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව වව්නිකුලම් වැවේ දියනාමින් සිටියදී මෙම අවාසානාවන්ත මරණයන් සිදුව ඇත.

එහිදී මරණගෙදරින් පසුව නැවත යාපනයට යාමට පෙර දිය නෑමට අවශ්‍ය බව පවසා වැවට ගොස් දියනාමින් සිටින අතරතුරදී බාල සොහොයුරා පිහිනීමට උත්සහ ගැනීමේදී දියේ ගිලී ඇති අතර පසුව ඔහු බේරා ගැනීමට වැඩිමල් සොහොයුරා උත්සහ ගැනීමේදී දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලිස් පරික්ෂණ වලදී හෙලී වී ඇත.

පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් සොයුරන් දෙදෙනා ගෙඩට ගත්තද ඒ වනවිටත් දෙදෙනාම මිය ගොස් සිට ඇති අතර ඒ පිළිබඳව මල්ලාවි පොලීසිය දැනුවත් කරන ලදි.

අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන ලදි.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රවිචන්ද්‍රන් සරොස් සහ 27 හැවිරිදි රවිචන්ද්‍රන් සුමන් යන අය වන අතර මල්ලාවි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.