Spread the love

රටේ ජනතාව හෝ රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූ කිසිදු ඉල්ලීමක් මෙම අයවැය තුළින් ලබාදී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ජල හා විදුලි බිල්පත් ගාස්තු ඉහළ ගොස් ඇති බවත්, ඒ නිසා රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූයේ රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් බවයි ඔහු සඳහන් කළේ.

රජය විසින් ලබාදුන් දීමනාව කිසිදු රාජ්‍ය සේවකයෙක් පිළි නොගන්නා බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන්ද කිසිදු සඳහනක් අයවැය තුළ නොමැති බවයි.

මෙම තත්ත්වය තුළ අයවැය දෙවනවර හා තෙවනවර කියවීමේදී තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.