Spread the love

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ අවසන් කටයුතු හෙට (30) පස්වරු 4.00ට වේවැල්දූව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය

ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය මෙරටට ගෙන්නු අතර ,දේහය මීගමුව මහ රෝහලට රැගෙන ගොස් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද උදෑසන 9.45 ට පමණ ඇය පදිංචිව සිටි කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබීය
හෙට දහවල් 2.00 දක්වා දේහය මෙම නිවසේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතුහෙට සවස 4 සිදු කිරීමට නියමිතය.