Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වීම සියයට පන්සීයක් ස්ථිර බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

විවිධ ආයතන විසින් සිදුකර ඇති සියලුම සමීක්ෂණවලින් ඒ බව හෙළි වී ඇතැයි ද හෙතෙම කියා සිටියි.

අනුර දිසානායක මහතා පැහැදිලිවම ජනාධිපතිවරණයෙන් සියයට පනහ ඉක්මවූ ඡුන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බවත් එනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ෙවෙනි මනාපයක් ගණනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති වනු ඇති බවද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.