Spread the love

මෙරට අධිවේගී මාර්ග වල කටයුතු සමාගමකට පැවරීමට සැලසුම් සිදුකරමින් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.

එම තීරණයට විරෝධය පළ කරමින් හා එම සැලසුම අවලංගු කරන ලෙස ඉල්ලමින් අධිවේගී මාර්ගවල මුදල් අය කර ගැනීම කටයුතු හා අනෙකුත් රාජකාරිවලින් මේ මස විසි දෙවන දින ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

මුදල් අයකර ගැනීමේ කටයුතු අමතරව මාර්ග නඩත්තු කටයුතු හා වෙනත් මාර්ග නඩත්තු කටයුතු ඇතුළු සියලුම රාජකාරිය එදින ඉවත් වන බවත් සේවකයන් අසනීප අඩු වාර්තා කරන බවත් ඔවුන් කියා සිටී.

මාර්ග සංවර්ධන අධිකාරිය සේවකයන් මේ වසර තුළදී ලබා නොගත් අසනීප නිවාඩු හිමිකම සඳහා ගෙවීම් සිදු කිරීම නතර කිරීමට තීරණය කර ඇති බවත් සේවක සමිතිය තව දුරටත් සදහන් කරයි.