Spread the love

පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර  කොටසේ මංතීරු 02ක් අද (13) පස්වරු 06.00 විවෘත කළ බව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ අයි.ඩී.කහටපිටිය මහතා පැවසුවේය.

ඒ අනුව ගාල්ලේ සිට මාතරටත් දක්වාත් මාතර සිට ගාල්ල දක්වාත් ගමන් කර හැකිය.

 එක් මංතීරුව බැගින් දෙපසට වෙන්කර ඇත්තේ 700m දුරක් පමණක් බව පැවසීය.

එම දුර ප්‍රමාණයට අයත් අනෙක් මංතීරු 02 පවතින ත;ත්ත්වය සලකා බලා විවෘත්ත කිරීමට කටයුතු කරන බව පැවසීය.

පසුගියදා (11) රාත්‍රි 08.30 පමණ ඉමදුව සහ පින්නදූව අතර ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටිණි.