Spread the love

අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 150 කට වැඩි ආදායමක් උපයා තිබේ.

ඒ අනුව පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 159 ක ආදායමක් උපයා ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය සඳහන් කළේ.

එම කාලසීමාවේ රථවාහන ලක්ෂ 43 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.