Spread the love

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වූ වනවාසල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සොරකම් කරන ලද අඩි 14 ප්‍රමාණයේ තඹ කේබල් දෙකක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් හා යකඩ කූරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි