Spread the love

මුල්කිරිගල – ගුණරත්න

කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව හම්බන්තොට පාලමේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.

. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලුණුගම්වෙහෙර ,දකුණු ඉවුර ,කුඩා ගම්මාන 5, අංක 21 ලිපිනයේ පදිංචි දුලාන් සංජය සේනාරත්න නමැති 34 හැවිරිදි තරුණයෙකි .

අනතුර සිදු වී ඇත්තේ . ඉකුත් (10) දා රාත්‍රි 11ට පමණය.

 අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා හම්බන්තොට මහ  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ .එහි ප්‍රතිකාර ලබමින් සිටියදී  (11) අලුයම ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 හම්බන්තොට පොලීසිය සිද්ධිය පිළිබව  වැඩිදුර පරීක්ෂණ පවත්වයි