Spread the love

තාවකාලිකව වසා දමා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් ම ආරම්භ කිරීමට නියමිතයි.
එසේ වසා දැමුනේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මතයි.
පසුගිය සඳුදා දිනයේ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සෙසු පීඨ දෙකේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කිරීමට නියමිත බව කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන සහ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා පවසයි.