Spread the love

ක්‍රියාකාරීව ප්‍රීතිමත්වෙමු යන තේමාව යටතේ 10වැනි සබරගමුව පලාත් ප්‍රාතමික පාසල් ක්‍රීඩා උළෙල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී නිමවිය.

කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් දෙකෙහි පාසල් මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන ලදී.

මෙම ක්‍රීඩා උළෙලේ අවසන් පදක්කම් සහ සහතික ප්‍රධාන උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සබරගමුව පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා, සබරගමුව පලාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා මෙන්ම සබරගමුව පලාතේ කලාප අධ්‍යාපන බලධාරීන් සහභාගී වී සිටින ලදී.

මෙහිදී උත්සව සභාව අමතමින් සබරගමුව පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරන්නට අපිට අවශ්‍යයි. මම අධයාපන ක්ෂේත්‍රයේ දේශපාලන තීරණවලින් පාසල් ගෙනයෑමට සුදානම් නැහැ. අධ්‍යාපනයට දේශපාලන අවශ්‍ය නැහැ. අපි දරුවන් සමග සෙල්ලම් කල යුතු නැහැ.

අද මොනවද වෙලා තියෙන්නේ. අද වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. 21 වැනි ශත වර්ෂය කාන්තාවන්ගේ ශත වර්ෂයක්. දැන් සම අයිතීන් කාන්තාවන් ඉල්ලන්නේ.

අපි ‍ක්‍රිකට් වලින් ඉහලටම ගියා අද කවුද තුන හතර ස්ථානවල ක්‍රීඩා කරන්නේ. පරිපාලනය මේ අර්බුදයට වගකිව යුතුයි.

අපිට ඕන නායකත්වය අරගෙන දේශානුරාගයෙන් ලෝකයට යන දරු පරපුරක් හදන්න. ඒ සදහායි වැඩකල යුතු’

මෙහිදී සබරගමුව පලාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතිද අදහස් දැක්වීය.