Spread the love

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ ජල කුළුණ හා බෙදාහැරීමේ පද්ධතියේ නඩත්තුවක් හේතුවෙන් අද උදෑසන 08 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි .

ඒ අනුව , බම්බුකුලිය,මුරුතාන,කටාන උතුර,කටාන බටහිර,කටාන නැගෙනහිර, උඩංගාව,මානවේරිය,තෝප්පුව,බටහිර කලුවාරිප්පුව අය ප්‍රදේශ මෙන්ම ඉහළ කඳවල,පහළ කඳවල,වැලිහේන උතුර,වැලිහේන දකුණ,ආඩික්කණ්ඩිය,ඇත්ගාල, ඇත්ගාල දකුණ,මහඇත්ගාල සහ නැගෙනහිර කලුවාරිප්පුව යන ප්‍රදේශද මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට වන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කනගාටුව පළකරයි.

පාරිභෝගික ජනතාවට මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1939 අංකය ඇමතීමෙන් දැනගත හැකියි.