Spread the love

කාන්තාවක් තනිව සිටි නිවසකට ඇතුළු වී කාන්තාවකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දීමෙන් අදාල පුද්ගලය මිය ගය පුවතක් තංගල්ල පොලිස් වසමෙන් වාර්තාවෙයි.

මිය ගොස් ඇත්තේ, මොරකැටිආර නැගෙනහිර – නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර කාන්තාවගේ සැමියා නිවසේ ‍නොමැති අවස්ථාවේ දී මරණකරු නිවසට පැමිණ බීමට වතුර ඉල්ලා ඇත.

කාන්තාව වතුර ලබාදීමට කුස්සියට ගොස් සිටිය දී මරණකරු පිටුපසින් පැමිණ කාන්තාව බදාගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ දී කාන්තාව තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.

අදලා පුද්ගලයා බිම ඇද වැටීමෙන් පසු අදාළ කාන්තාව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර ඇත.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.