හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ හින්දු කොවිලේ නුග ගසකට (17) දින පස්වරුවේ අකුණු සැර වැදිමෙන් එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල සිදු වි ඇත.
හැටන් ප්‍රදේශයට (17) දින පස්වරුවේ ඇද හැලුණු ගිගුරුම් සහිත තද වැසි සමග පස්වරු 2.30 ට පමණ එම කොවිලේ නුග ගස මතට අකුණු සැර පතිත වු බවත්, අකුණු සැර වැදිමෙන් ගස කඩා වැටුණු අවස්තාවේ ඒ අසලින් ධාවනය වු ලොරි රථයකට ගසෙහි අත්තක් කඩා වැටිමෙන් එහි රියදුරාට සහ ඒ අසල පිහිටි නිවසක මුළුතැන්ගෙහි සිටි දෙදෙනෙකුද තුවාල ලබා ඇත.
ගස කඩා වැටිමෙන් ලොරි රථයට සහ එම නිවසේ මුළුතැන්ගෙහි කොටසකට හානි සිදු වි ඇත.
අනතුරෙන් තුවාල ලැබුවන් රෝහල් ගත විමේ අපෙක්ෂාවෙන් සිටින අතර, අකුණුසැර වැදිමෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, සිදුවිම සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විමර්ෂණ සිදු කරනු ලබයි.